ලියාපදිංචි කිරීමේ ගැටළු මත වනජීවි භාරයට ගෙන ඇති අලි ඇතුන් 21 දෙනෙකු ඉදිරි මාසවල පැවැත්වීමට නියමිත පෙරහැර සඳහා සහභාගී කරවීමට මුදා හරින්නැයි ඉල්ලා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (20) මෝසමක් ගොනු කෙරුණා.
ඒ, අලි ඇතුන් හිමියන් පිරිසක් විසින්.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජූලි මස 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මෙහිදී නියෝග කළා.