Monday, September 23, 2024

General line - 0115112241

පුඩළුඔය නගරයේ හටගත් ගින්නකින් දැඩි හානි (PHOTOS)




තලවාකැලේ පුඩළුඔය නගරයේ හටගත් ගින්නකින් වෙළදසැල් දෙකක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වි එම වෙළදසැල් වලට යාබදව තිබු නිවසකට දැඩි අලාභ හානි සිදුවී තිබු බව පුඩළුඔය පොලිසිය පවසනවා.

අද (21) උදැසන 9.30ට පමණ එක් වෙළදසැලකින් හටගත් ගින්න සෙසු වෙළදසැලට හා නිවසට පැතිර ගිය බවයි පොලිසිය පවසන්නේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවි නොමැති අතර පැතිර ගිය ගින්න පුඩළුඔය පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත්වි තිබෙනවා.

ගොඩනැගිලි උපකරණ වෙළදසැලකුයි මෙසේ ගින්නෙන් විනාශ වි ඇත්තේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදුවු අලාභයද මෙතෙක් තක්සේරු කර නැහැ.

පුඩළුඔය නගරයේ මීට ප්‍රථමද අවස්ථා කිහිපයකදි ගිනි ගැනීමට ලක්වු අතර එම ගින්නෙන්ද වෙළදසැල් රැසක් විනාශ වි තිබුණා.

ගින්න පිළිබඳව පුඩළුඔය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.