ඩෙංගු රෝගීන් පෞද්ගලික රෝහල්වලින් සිදු කරන පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාව පැය 02ක් ඇතුළත නිකුත් කිරීමට නොහැකි වුවහොත් ප්‍රතිකාර කිරීමට එය වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට අද (21) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඇතැම් පෞද්ගලික රෝහල් පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට පැය දෙකකට වැඩි කාලයක් ගන්නා බවට වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි ලැබී තිබුණා.
වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමේ දී ගැටළු මතුවන බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව පෞද්ගලික රෝහල්වල පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා පැය 02කට පෙර නොලැබෙන්නේ නම් රජයේ රෝහල්වලට පැමිණ නොමිලේ පරීක්ෂණ සිදු කර ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
රජයේ රෝහල්වලින් පැයක් ඇතුළත පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ලබා ගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.