Monday, September 23, 2024

General line - 0115112241

පහ ශ්‍රේණිය දක්වා සිසුන්ගේ ලිඛිත පරීක්ෂණ නතර කරන්නැයි ආණ්ඩුවට යෝජනාවක්

සමන්ත කුමාර/වසන්ත ධර්ම ශ්‍රී




පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපන කාලසීමාවේදී ලිඛිත පරීක්ෂණ පැවැත්වීම අත්හිටුවන්නැයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව රජයට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ පිළිබද කරුණු දැක්වූ එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක.

එක වසරේ සිට පහ වසර දක්වා සිසුන්ට ලිඛිත පරීක්ෂණ අවශ්‍ය නෑ. ඒ දරුවන්ගේ ඇගයීම් කරන්න නොයෙක් විදි තියෙනවා. ඒ දරුවන්ව යොමු කරන්න ඕන නිදහසේ ඉගෙනගන්න. අපි කිවුවා පහ වසරෙන් පසුව ලිඛිත පරීක්ෂණ පවත්වන්න කියල පාසලේ තත්වය බලා ගන්න. දරුවන්ව පරීක්ෂණ කරලා පෙළගස්වන්න නෙමෙයි. පාසලේ ගුරුවරු මොනවාද කරලා තියෙන්නේ සහ විදුහල්පති මොනවාද කරලා තියෙන්නේ කියල හොයල බලන්න ක්‍රමයක් හදන්න කියලි අපි කිවුවේ.

මේ අතර දැනට පවතින ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය යන විෂයන් වෙනුවට ප්‍රජාචාරය සහ සමාජ අධ්‍යයන විෂය හදුන්වා දියයුතු බවටද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සකස් කරන ලද යෝජනාමාලාවේ ඇතුළත් වනවා.