Monday, September 23, 2024

General line - 0115112241

ගණ දෙවි පිළිමයක් සොරකම් කළ අයෙක්ට සිදු වූ දේ 




සොරකම් කරන ලද ගණ දෙවි පිළිමයක් සමග සැකකරුවෙකු ගංගොඩවිල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ කළු ගලින් නිම කළ එම පිළිමයේ උස අඩි එක හමාරක් පමණ වන බවයි. 

අත්අඩංගුවට ගැණුනු සැකකරු මිරිහාන ප්‍රදේශයේ පදිංචි 41 ක් හැවිරිදි පුද්ගලයෙක්. 

ඔහු අද (22) දින ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවා.