Monday, September 23, 2024

General line - 0115112241

යුද හමුදාවේ දෙවන තැන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට




ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් කේ. ඒ. ඩී. අමල් කරුණාසේකර පත්කර තිබෙනවා.

1981 වසරේ කැඩෙට්  නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර දියතලාව ආරක්ෂක විද්‍යාලයෙන් සිය පුහුණුව නිමාකර දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වුයේ 1984 වසරේදීයි. 

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි මානුෂීය මෙහෙයුමේදී තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකළ නිලධාරියෙකු ලෙසද සැලකෙනවා.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස මීට පෙර කටයුතු කළේ වත්මන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකයි.