Saturday, May 4, 2024

General line - 0115112241

"ආණ්ඩුව කරන හැම දේම හරි නෑ..පොලිසියට කළ දේ පහත් ක්‍රියාවක් " - ඇමති හරීන් පාර්ලිමේන්තුවේ නැගිට පොලිසිය වෙනුවෙන් හිට ගනී 

චිරාන් ජීවන්ත ධර්මසේන




රජය ගන්නා  ක්‍රියාමාර්ග සියල්ලම නිවැරදි  නොවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (27) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා.

ඔහු එහිදී  සඳහන් කළේ තමන් රජයේ සිටියද වැරදි දේ වැරදි බව කියා සිටින බවයි.
වැරදිකරුවන් ආරක්ෂා කිරීම තම අරමුණ නොවන බවත් ඔහු එහිදී අවධාරණය කළා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තෙල් වර්ජකයන් පිරිසක් වැලිකඩ පොලිසියට ගෙනා අවස්ථාවේ හැසිරුණු ආකාරයද ඔහු පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක් කළා. 

ඔවුන් පොලිසියට කළ දේ වැරදි   පහත් ක්‍රියාවක් ලෙසයි අමාත්‍යවරයා හඳුන්වනු ලැබුවේ.


පොලිස් නිලධාරීන්ව  හෑල්ලුවට පත් කරන්නේ දේශපාලනඥයින් බවයි ඔහු පෙන්වා දුන්නේ.