Saturday, May 4, 2024

General line - 0115112241

දුව මරණවා කියා පියාගෙන් කෝටියක් කප්පම් ගත් දෙන්නෙක් අල්ලයි




කොස්ගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයාගේ දියණිය ඝාතනය කරන බවට වරින් වර දුරකතන ඇමතුම් ලබාදී එම කප්පම් මුදල ලබාගෙන ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. එම කප්පමට සම්බන්ධ මහ මොළකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.