Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්ධන හිඟය අවසන්! සංස්ථාවෙන් සහතිකයක්




ඉන්ධන හිඟ ප‍්‍රදේශවලට අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ වනවිට බෙදාහැර ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සංජීව විජේරත්න පැවසුවා.

මුතුරාජවෙල තෙල් පිරිපහදුවේ ප‍්‍රධාන ඉබි යතුරු වර්ජනයේ නිරත වූ ඛණිජ තෙල් සේවකයින් විසින් රැගෙනගොස් ඇති බව ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත කියා සිටියා. ඒ, මාධ්‍ය හමුවක් කැඳවමින්. 

කෙසේ වෙතත් මුතුරාජවෙල තෙල් පිරිපහදුවේ තත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සංජීව විජේරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.