Sunday, May 5, 2024

General line - 0115112241

 "මේක අපි හම්බ කරන් කාපු  තැන..විකුණන්න දෙන්න බෑ " - එජාපයේ තෙල් ලොක්කා සගයන් අමතයි (VIDEO)




හම්බන්තොට වරායේ පුද්ගලික කරන ව්‍යාපෘතියට තමන් විරුද්ධ බව ජාතික සේවක සංගමයේ තෙල් පිරිපහදුවේ සභාපති ඊ.ඒ.සී. වසන්ත පවසනවා.

අද (28) පෙරවරුවේ සේවකයන් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

"මේක අපි හම්බ කරන් කාපු  තැන.මේක විකුණන්න දෙන්න බෑ." යනුවෙන් ඔහු සේවකයන්ට තම මතය ඉදිරිපත් කර සිටියා.


ඛනිජ තෙල් වැඩ වර්ජනය මේ වනවිට අත්හිටුවා ඇති අතර සියලූම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනය ක් ද පසුගිය දා නිකුත් කර තිබුණා.

ජාතික සේවක සංගමයේ තෙල් පිරිපහදුවේ සභාපති ඊ.ඒ.සී. වසන්ත කරන ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.