Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්ධන අවුලෙන් පාර්ලිමේන්තුව සතියකට කල් තැබේ!




සභාවේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව අගෝස්තු 04 දක්වා කල්තැබීමට කථානායක වරයා තීරය කරනු ලැබුවා.

ඉන්ධන බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනයට අදාළව අද (28) පෙරවරුවේ ඡන්දවිමසීමක් පැවතියදී ඒ අතරතුර නොසන්සුන්තාවක් හටගෙන තිබෙණවා. ඉන් පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාමට නොහැකි අයුරින් බාධා පැමිණීම නිසා පාර්ලිමේන්තුව මෙසේ කල්තැබීමට කටයුතු කළ බැව් නෙත් නිව්ස් පාර්ලිමේන්තු වාර්තාකරු පවසනවා.

තෙල් බෙදා හැරීම ජූලි (25) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ‍සේවාවක් ලෙස ගැසට් කර ඇති බැවින් ඛනිජ තෙල් සංස්ථාවට අයත් සියලුම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දී ඇති අතර එසේ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් රැකියාව අත්හැර ගියා සේ සලකන බව රජය දැනුම් දී තිබුණි.