Monday, December 16, 2024

General line - 0115112241

කෑගල්ල පොල්ගහවෙල 'ට්‍රැෆික්වලට තිත තියන' ජනපතිගේ සංකල්පයට වෙච්ච් දේ 




දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් කෑගල්ල- පොල්ගහවෙල මාර්ගයේ පවතින දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින් ඉදිකෙරෙන පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතිනවා.

තිරසර සංවර්ධනයක් කරා රට ගෙනයාමට ක්‍රියාත්මක  කර ඇති  විශේෂ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ උපදෙස් පරිදි, ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ 2016 වසරේදී ඉදිකිරීම් ඇරඹුණු මෙම ගුවන් පාලම සඳහා වැයකර තිඛෙන මුදල රුපියල් මිලියන 2003 ක්.

පොල්ගහවෙල දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකෙරෙන මෙම ගුවන් පාලම කිලෝ මීටරයකට ආසන්න දිගින් යුත් අතර මේ වන විට පාලමේ ඉදිකිරීම් සියයට 99 ක් අවසන්ව තිබෙනවා.

පිවිසුම් මාර්ගවල කටයුතු ද සියයට 70 ක් පමණ අවසන්ව තිඛෙන අතර 2017 අගෝස්තු මාසය වන විට මෙම සියලූ ඉදිකිරීම් අවසන් කළයුතු බවට ගිවිසුම්ගතයි.

ඒ අනුව මෙම වසරේදී ගුවන් පාලම ජනතා අයිතියට පැවරීමට නියමිතයි.