Tuesday, September 24, 2024

General line - 0115112241

ජනතා මතයට කන් දෙන්නේ නැති ඒකාධිපති ආණ්ඩුවක් මේ




වත්මන් ආණ්ඩුව ඒකාධිපති පාලනයක් ගෙන යමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වර්ජන කඩාකප්පල් කිරීමට ආණ්ඩුව ඉකුත්දා ගත් තීරණය ඊට කදිම උදාහරණයක් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

“පොලිසියේ ක්‍රියාකලාපය, හමුදාව ඇතුළු කිරීම, ශිෂ්‍යයන්ට පහරදීම, රටේ සම්පත් ටික විකුණා දැමීම, අද රටේ ජනතාව දැනුවත් වෙමින් පවතිනව මේ ගැන. ජනතා මතයට කන් දෙන්නෙ නැති ඒකාධිපති ආණ්ඩුවක් මේ. ඔවුන්ට හිතෙන හිතෙන දේ විකුණනවා. රජය මේ වෙලාවෙ ඒකාධිපති පාලනයකට යන්න අවශ්‍ය සැකැස්ම සකසමින් ඉන්නවද කියල හිතන්න පුළුවන්.“


බත්තරමුල්ල නෙලූම් මාවත සිය කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.