Tuesday, September 24, 2024

General line - 0115112241

මොරටුව සහ කැස්බෑව හිටපු දිසා විනිසුරුට සිතාසි




මොරටුව හා කැස්බෑව හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිංහට ලබන අගෝස්තු මස 24 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (28) සිතාසි නිකුත් කර තිබෙනවා. 

ඒ, අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව විසින් ඔහුට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනාවක් අද කැඳවූ අවස්ථාවේදීයි. 

රංජන් සෝමසිංහ 2008 වර්ෂයේ දිසා විනිසුරු ලෙස සිටින සමයේ සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් විසි හතර ලක්ෂ දහ තුන් දහසක මුදලක් සහ දේපළ ඉපයීමක් සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.