Tuesday, September 24, 2024

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 27ක් මියයාම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමට දින නියම වෙයි




වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමකින් රැඳවූවන් 27 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම සැප්තැම්බර් මස 12 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (28) තීරණය කළා. අදාල වෙඩි තැබීම සිදු වූයේ ඉකුත් 2012 වසරේදීයි.

 පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටයි එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ. 

මෙම පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල් ටී බී දෙහිදෙනිය මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවය  පෙත්සම සලකා බැලීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියා. 

සුදේශ් නන්දිමාල් සිල්වා නැත්තෙක් විසිනුයි පෙත්සම ගොනු ඇත්තේ. 

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම රැඳවියෙකු ලෙසට සියැසින්ම දුටු බවයි ඔහු පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි සිදු කළ ද පොලිසිය විසින් නිසි පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව පෙත්සම්කරු චෝදනා කර තිබෙනවා. 

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ මෙහෙයුමක් අතර රැඳවියන් සහ ඔවුන් අතර ගැටුම පාලනය කිරීමට යුධ හමුදාව කැඳවීමෙන් අනතුරුව මෙම රැඳවියන් පිරිස ඝාතනය වූ බවට පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙනවා.