Tuesday, September 24, 2024

General line - 0115112241

වාද විවාද මැද හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තැබීම අද




හම්බන්තොට වරාය රාජ්‍ය, පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (29) සිදු කෙරෙනවා. 

ශ්‍රී ලංකා රජය සහ චෛනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ එච්.අයි.පී.ජී මෙහෙයුම්කරු සහ සී.යූ.එෆ් මෙහෙයුම්කරු අතර මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කරුණු දැක්වුවා. 

ඔහු කියා සිටියේ ලබන වසර වන විට අලුත් ගිවිසුම යටතේ වරාය අධිකාරිය සහ චෛනා මර්චන්ට් සමාගම එකතු වී තවත් වැඩිපුර ඩොලර් මිලියන 300-400 එන අවුරුද්දේ ආයෝජනය  කරන්න බවයි. හම්බන්තොට කර්මාන්තකරණයට අලුත් ව්‍යාපෘති ගණනාවක් ද හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

විදේශ ණය බර අඩු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා. 

මේ අතර ඊයේ පැවති තවත් මාධ්‍ය හමු කිහිපයක දී මෙම ගිවිසුම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා.