Monday, May 6, 2024

General line - 0115112241

ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩමක් විකුණූ සැකකාරියක් අත්අඩංගුවට




ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩමක් විකුණා රුපියල් ලක්ෂ 90 ක් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ කොළඹ අපරාධ කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදීයි. 

සැකකාරිය 34 හැවිරිදි පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක්. 

ඇය අද මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.