Tuesday, May 7, 2024

General line - 0115112241

ගංජා ජාවාරම්කරුවෙක් කිරුලපනදී දැලේ 




කිරුලපන විජය කුමාරතුංග මාවතේදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ 08 යි ග්‍රෑම් 900 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටි ගල්කිස්ස බඩොවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පෙරුමාල් සුදේශ් නැමැත්තා ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කිරුලපන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. 

විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු කලක සිට ගංජා ජාවාරමේ යෙදී ඇති බවයි. 

මෙම ගංජා තොගය ගෙන ගොස් ඇත්තේ බොරැල්ල, කිරුලපන, වැල්ලවත්ත සහ රාජගිරිය යන ප්‍රදේශවල ඛෙදා හැරීමට බව ද අනාවරණ වී තිබෙනවා. 
සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.