Tuesday, September 24, 2024

General line - 0115112241

උඩවලව ප්‍රවේශපත්‍ර වංචාව ගැන නෙත් නිවුස් අනාවරණයට වන ජීවි ඇමතිගෙන් ප්‍රතිචාර 




උඩවලව ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ දී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට ආරම්භ කළ පරීක්ෂණ යට ගැසීමේ උත්සහයක් ඇති බවට නෙත් නිවුස් කළ අනාවරණය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ අවධානය යොමුව තිබෙනවා. 

අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බවයි. 

ඉකුත් 27 වැනි දා උදෑසන 06.25 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මේ පිළිබඳ කළ අනාවරණයෙන් පසු අමාත්‍යවරයා ඊට අදහස් දක්වා තිබුණා.

උඩවල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන් විදේශිකයින්ට සහ දේශීය සංචාරකයින්ට ඛාණ්ඩ දෙකක් යටතේ ප්‍රවේශ පත් නිකුත් කෙරෙනවා.

විදේශීකයින් සඳහා ප්‍රවේශ පත්‍රයක් අලෙවි කෙරෙන්නේ රුපියල් තුන්දහසකටයි. 

දේශීය සංචාරකයන්ට නිකුත් කරන ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 60ක්. 

විදේශීකයින් සඳහා නිකුත් කෙරෙන ප්‍රවේශ පත්‍ර දේශීය සංචාරකයින් සඳහා නිකුත් කළ ඒවා ලෙස පරිගණක පද්ධතියට කූඨ ලෙස දත්ත ඇතුළත් කර මෙම වංචාව සිදු කර තිබෙනවා.