Tuesday, September 24, 2024

General line - 0115112241

ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද




මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ 2017 ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර පස්වරු 6.54ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරෙනවා. අද පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පැවසුවේ මෙම ඇසළ මංගල්‍යය සඳහා සොබාදහමේ ද ආශිර්වාදය ලැබී ඇති බවයි. 

පෙරහැරේ දී කරඩුව වැඩමවීම සඳහා ඇතුන් කිහිප දෙනෙකුම සූදානම් කර සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ පෙරහැර ස`දහා සෙසු අලි ඇතුන්ගේ ද හිගයක් මේ වනවිට නොමැති බව දියවඩන නිලමේවරයා කියා සිටියා. අලි ඇතුන් අනූ දෙනෙකු පමණ පෙරහැරේ ගමන් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.  
මේ අතර කතරගම ඇසළ මංගල්‍යයේ හයවන පෙරහැර ද අද රාත‍්‍රී වීථි සංචාරය කෙරෙනවා.