Tuesday, September 24, 2024

General line - 0115112241

මහනුවරට මහ වැසි! නිවාස 200ට හානි




අද උදෑසන ඇද හැළුණු මහ වැසි හේතුවෙන් මහනුවර හීරැස්සගල ප‍්‍රදේශයේ මැද ඇළ උතුරා නිවාස 200කට පමණ හානි සිදුව තිබෙනවා. මෙම ඇළ මාර්ගයේ සංවර්ධන කටයුත්තක් මේ දිනවල සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් එහි ජලය ගලායාම මන්දගාමී වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. අද උදෑසන වැසි ආරම්භ වී පැය භාගයක් පමණ ඇතුළත එය පිටාර ගලා තිබෙනවා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඇළ මාර්ගයේ සංවර්ධන කටයුතු භාරව සිටින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විමසීමක් කළා. එහි අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු ඒ එම් අබ්දුල් රාසික් පැවසුවේ විධිමත් තක්සේරුවක් සිදු කර හානි වූ නිවාසවලට වන්දි ලබාදෙන බවයි.