Tuesday, September 24, 2024

General line - 0115112241

කොළඹ තැන තැන කුණු දැමූ 274ක් අද අල්ලයි




බස්නාහිර පළාත තුළ සිදු කෙරුණු හදිසි මෙහෙයුමක දී අවිධිමත්ව කසල බැහැර කළ පුද්ගලයින් 274 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ පොලිසිය සහ යුද හමුදාව එක්වයි.

අත්අඩංගුවට ගැණුනු වැඩිම පිරිසක් කොළඹ උතුර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. එම සංඛ්‍යාව 65 දෙනෙක්. නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් 58 දෙනෙකු ද, කොළඹ මධ්‍යම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් 50 දෙනෙකු ද අත්අඩංගුවටගත් පිරිස අතර වනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සියලූ දෙනාට එරෙහිව ඉදිරියේදී පොලිසිය විසින් නඩු පවරනු ඇති.