Tuesday, September 24, 2024

General line - 0115112241

ඩුබායිවල ඩිරාම් 1,198,000 ක 'සුපිරි හොරකමක් කළ' ලංකාවේ හය දෙනාගේ කල්ලිය 




ඩිරාම් 1,198,000 ක මුදලක් සොරා ගත් ලාංකිකයන් හය දෙනෙකුගේ කල්ලියක් පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයෙන් වාර්තා වනවා.

ඉතා සැළසුම් සහගතව  සමාගමක්  සතු  මුදලක් මෙලෙස සොරාගෙන තිබෙන අතර අදාළ මුදල ඩිරාම් 160,000 බැගින්  හය දෙනා විසින් බෙදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉතිරි මුදල ඔවුන්ගේ වියදම් සඳහා යොදා ගෙන තිබෙනවා.


ඩිරාම් 84,000ක මුදලක් ශ්‍රී ලංකාවට එවීමට තවත්  දෙදෙනෙකු මගින්   උත්සාහ කර තිබෙන අතර ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.