ලග්ගල, නකල්ස් වන සංරක්ෂණ භූමියේ ඉලුක්කුඹුර ප්රදේශයේදී සුඛෝපභෝගී වෑන් රථයක් ප්රපාතයකට පෙරළී එහි සිටි එක් අයයෙකු මියගොස් තිබෙනවා.
අනතුරෙන් තවත් පුද්ගලයින් 07 දෙනකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
මාතලේ නකල්ස් හා රිවස්ටන් පරිසර පද්ධතිය නරඹා ලග්ගල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල ප්රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පිරිසක් බවයි පොලිසිය පැවසුවේ.