Tuesday, September 24, 2024

General line - 0115112241

ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න රවී එයි (UPDATE)




අමාත්‍ය රවී කරුණානායක මහ බැංකු බැදුම්කර කොමිසම හමුවට මේ වන විට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ප‍්‍රශ්න ගත බැදුම්කර ගණුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක කටයුතු කිරීම හා ඔහුගේ සබඳතා පිළිබඳ අනාවරණ වීම හේතුවෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමටයි ඔහු බැදුම්කර කොමිසම හමුවට කැඳවා ඇත්තේ.

--------------------------------------------------------

රවී එනවයි කිව්වේ අද

(2017 / 08 / 02 05:48)

 

අමාත්‍ය රවී කරුණානායක මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ අද (02) පෙනී සිටීමට නියමිතයි.

මීට පෙර අවස්ථා දෙකක දී ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබුණ ද ඒ කිසිඳු අවස්ථාවක ඔහු කොමිසමට පැමිණියේ නැහැ.

අමාත්‍යවරයාගේ නීතීඥවරුන් කොමිසමට දන්වා සිටියේ කාර්යබහුල තත්ත්වය මත ඉකුත් දින දෙකේ කොමිසමට පැමිණීමට නොහැකි වූ බවයි.

අවසන් වරට අමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණේ ජූලි මස 26 වැනිදායි. එදින ද රවී කරුණානායක අමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ. එහි දී ඔහුගේ නීතීඥවරුන් දැනුම් දුන්නේ අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින බවයි. 

ප‍්‍රශ්න ගත බැදුම්කර ගණුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක කටයුතු කිරීම හා ඔහුගේ සබඳතා පිළිබඳ අනාවරණ වීම හේතුවෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමටයි ඔහු බැදුම්කර කොමිසම හමුවට කැඳවා ඇත්තේ.

අර්ජුන් ඇලෝසියස් හිමිකාරීත්වය දරන සමාගමක් විසින් මසකට රුපියල් ලක්ෂ 16 ක මුදලක් ගෙවමින් කොල්ලුපිටියේ පිහිටි මහල් නිවසක් කුලී පදනම මත අමාත්‍යවරයාට ලබා දී තිබූ බව කොමිසම හමුවේ ඉකුත් දා අනාවරණ වුණා. කුලී ගිවිසුම අවසන් වීමෙන් පසු රුපියල් ලක්ෂ 1650කට අදාල නිවස අර්ජුන් ඇලෝසියස් විසින් මිලට ගෙන රවී කරුණානායක අමාත්‍යවරයාට ලබා දී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.