Tuesday, September 24, 2024

General line - 0115112241

පොලිස් ලොක්කෙකුගේ රැකවරණය තිබූ මැණික් ජාවාරම මාට්ටු




රත්නපුර වේ ඟගේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මැණික් ගැරීමේ ජාවාරමක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.
 
එහිදී වේ ඟගේ අනවසරයෙන් මැණික් ගැරූ ස්ථාන පහක් වටලා ඇති අතර සැකකරුවන් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

ඒ, ඔවුන් මැණික් ගැරීමට යොදා ගත් උපකරණ ද සමගයි.  මෙම ජාවාරම දිගින් දිගයම සිදුව ඇති බවටයි අනාවරණ වුණේ.

ඒ සඳහා රත්නපුරේ පොලිස් ස්ථානපතිවරයෙකුගේ ද සහය හිමිව ඇති බව වාර්තා වනවා. ඔහුට ඒ වෙනුවෙන් රුපියල් කෝටි එකහමාරක් ලබා දී ඇති බවයි හෙළි වී ඇත්තේ. මීට පෙර මෙලෙස අනවසරයෙන් මැණික් ගැරූ ස්ථානයකින් රුපියල් කෝටි නවයහමාරක් වටිනා මැණිකක් ලැබී ඇති බව ද මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇතැයි සඳහන්.