Tuesday, September 24, 2024

General line - 0115112241

බිරිඳවත් අරන් යන්න සෞදි සිට පැමිණි ශ්‍රී ලාංකිකයා මව්බිමට පා තබා අවසන් ගමන් ගිය හැටි




සෞදි අරාබියේ ජෙඩා සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ගුවන් මගියෙකු අද (02) කටුනායක ගුවන් තොටුපොළේ දී මිය ගොස් තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවේ මහනුවර ,තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අබුබකර් අබ්දුල් වාහිඩ් නැමැත්තෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු අද දින අලුයම 4.20 ට පමණ සෞදි අරාබියේ ජෙඩා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම පුද්ගලයාට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වන්නට ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පැවසුවා.

මොහු සෞදි අරාබියේ ජෙඩා නුවර ස්ථිර පදිංචියට ගොස් ඇති අතර  මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි සිය බිරිඳ ආපසු කැඳවාගෙන යෑමට මෙසේ  පැමිණ තිබෙනවා.