Friday, May 3, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු අදත් ඇතුළට




අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පස් ‍දෙනෙකු මෙම මස 04 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනූවයි.

පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දෙපළවලට හානි කිරීමේ චෝදනාව යටතේයි ඔවුන් මීට පෙර අත්අඩංගුවට ගැණුනේ.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය එළඹෙන නඩු වාරයේ දී දැනුම් දීමට නියමිත බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළා.