Friday, May 3, 2024

General line - 0115112241

තමන් වැනි බලවත් ඇමතිවරයෙක්ව ' මෙලෙස ප්‍රශ්ණ කිරීමේ බලය ලැබුණු හැටි' ඇමති රවී  පෙන්නයි 




භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටි රවී කරුණානායක ඇමතිවරයා යහපාලනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ,නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියෙක් ප්‍රශ්න කළ අවස්ථාවේ දීයි.

තමා බලය ලබා ගත්තේ යහපාලනය ගෙන ඒමට ද යන්න නීතිපති දෙපාර්තමේන්තුවේ  නීතිවේදියෙක් ප්‍රශ්න කළ අවස්ථාවේ දී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ  තමා වැනි බලවත් ඇමතිවරයෙකු ගෙන්වා මෙසේ ප්‍රශ්න කිරීමට හැකියාවක් ලැබී ඇත්තේ යහපාලනය නිසා බවයි.

අනතුරුව දිවා ආහාරය වෙනුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන්  සභාවේ කටයුතු අත්හිටුවනු ලැබුවා.