Friday, May 3, 2024

General line - 0115112241

එදත් අදත් 'තමන්ට කළ දේ ගැන' රවී කතා කරයි 

සජිත් තිලකරත්න




නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිස් ආණ්ඩු පක්ෂයේ සිටියදී මෙන්ම විපක්ෂයේ සිටියදී ද තමන්ව අපහසුතාවට පත් කිරීමට උත්සාහ දැරූ බව විදේශ අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ පවත්වන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම හමුවේ අද (02)සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේබව සඳහන් කළා.

තමන්ව සම්බන්ධ කර ඇති නිවස ගැන තමන් ද දැන ගත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විමසූ අවස්ථාවේ දී බව ද විදේශ අමාත්‍ය රවී කරුණානායක එහිදී කියා සිටියා.