Friday, May 3, 2024

General line - 0115112241

පොලිසියේ දෙදෙනෙක්ව කපා දැමූ  'ජීවරාජ්' කොටියෙක්!

රොමේෂ් මධුසංඛ - වන්නි /මාධව කුලසූරිය




යාපනය කෝපායි පොලිස් වසමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනෙකු අද (02) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත්  එස්. සදීස්කරන් නියෝග කළා.


ඊයේ (01)අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා යාපනයේ නල්ලූර්හි පදංචි ජීවරාසා මධූෂන් හා මණිපායිහි පදිංචි විජයරත්නම් ජීවරාජ් නැමති 20 හා 23 වැනි වසස් සීමාවන්ගේ පසුවන අය වනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත කෙරුනේ පසුගිය 30 වනදා යාපනය කෝපායි නන්දුවිල් අම්මාන් කෝවිල අසලදී පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු කපා කොට පලා යාමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

අදාල පහර දීමේ ප්‍රධාන  සැකකරු ආවා කල්ලියට අයත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවත් ඔහු පුනරුත්ථාපනය නොවූ අයෙක් බවත්  යාපනයේ සංචාරය කල පොලිස්පති පූජිත ජයසුන්දර ද  කියා සිටියා.