Thursday, May 2, 2024

General line - 0115112241

රාජ්‍ය නායකයෙකු පළමු වරට 'රටට දුන්' ඉතිහාසගත වන තෑග්ග 




එක් යුගයක කෞතුකාගාරයේ කඩු කස්තාන අතුරුදන්වූ රටක රාජ්‍ය නායකයකු විසින් තමන්ට ලැබුනු ත්‍යාගයක් කෞතුකාගාරයට පරිත්‍යාග කිරීම අගය කළ යුතු බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය පෙන්වා දෙනවා.


අද (02) පැවති රුසියානු  ජනපති වැලැඩිමියර් පුටින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාගාරයට බාරදීමේ අවස්ථාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු මෙය සඳහන් කර තිබෙනවා.

මෙවැනි ත්‍යාගයක් කෞතුකාගාරයට පරිත්‍යාග කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙස එම උත්සවයේදී සඳහන් කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම සටහන පහතින් දැක්වෙනවා.