Friday, May 3, 2024

General line - 0115112241

යාපනයේදී ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහ‍ලෙන් මාරු කරයි - එක් අයෙක් කොළඹට




යාපනය කෝපායි ප‍්‍රදේශයේදී ආවා කල්ලියේ සාමාජිකයන් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය රෝහලෙන් මාරුකර යවා තිබෙනවා.

පහර කෑමට ලක් වු පොලිස් කොස්තාපල් ආර්. එම්. ඩී. රත්නායක මාරු කර ඇත්තේ නාරාහේන්පිට පොලිස් රෝහලටයි.

පොලිස් කොස්තාපල් කේ. ඒ. අයි. සුරේන්ද්‍ර මන්නාරම රෝහලට මාරුකර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.