Friday, May 3, 2024

General line - 0115112241

තෙල් වර්ජනය අවසන් වූ හැටි ගැන නෙවිල් ප්‍රනාන්දු සහ ඛණිජ තෙල් සේවකයෝ ගැටෙයි




සිය වර්ජනය තාවකාලිකව නවතා දැමූ එකක් බවත්, ආණ්ඩුවට බියෙන් සිය වර්ජනය අත්නොහල බවත් ලංකා ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඛණිජ තෙල් වර්ජනය යුද හමුදාව යොදා නවතා දැමුවා සේ සයිටම් ගැටළුවට ද එවැනි විසඳුමක් ලබා දිය යුතු බව සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු පුවත්පතකට අදහස් පළ කර තිබුණා.

එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වන ලංකා ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඩී. ජේ රාජකරුණා වැඩි දුරටත් සඳහන් කළේ "නෙවිල් ප්‍රනාන්දුගේ ප්‍රකාශයෙන්ම පේනවා ඔහු උපාධි කඩයක් දාගෙන ඉන්න මුදලාලි කෙනෙක් කියලා. අපිට මැරයෝ දම්මලා ගැස්සුවේ අපේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙලා අපි සේවයට වාර්තා කරමින් ඉන්න අවස්ථාවකයි." යනුවෙනි.

මැර ප‍්‍රහාරවලට බියෙන් සිය සේවකයින් දියත් කළ වර්ජනය අත්හල බව කවුරුන් හෝ ප‍්‍රකාශ කරන්නේ නම් එය ජනාධිපතිවරයාට සිදු කරන අපහාසයක් බවයි මෙහි දී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.