Sunday, September 8, 2024

General line - 0115112241

 මහින්ද අද දේශපාලන නායකයන් හමුවේ 




ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වෙනවා. 

අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් පැවසුවේ 2017 ඡන්ද හිමි නාම ලේඛනවල කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි. 

ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට ගෙන ආ යුතු සංශෝධන සම්මත කිරීම ප්‍රමාද වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. 

මේ අතර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී කියා සිටියේ පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එහි වගකීම තමන්ට භාරගත නොහැකි බවයි. 

අදාළ සංශෝධන සම්මත කර පළාත් පාලන මැතිවරණය කඩිනම් කිරීම දැන් පාර්ලිමේන්තුවේ වගකීමක් බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.