Sunday, September 8, 2024

General line - 0115112241

රනිල්ට සුබ පතන්න ඒකාබද්ධය නෑ 




පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීමක් අද (04) පැවැත්වෙනවා. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඔහුට සුභ පැතීම සඳහා මෙම රැස්වීම කැඳවා තිඛෙනවා. 

එක්සත් ජාතික පක්ෂයේ සහ ඉකුත් මහ මැතිවරණයේ දී ඔවුන්ට සහය දුන් පක්ෂවල මහජන නියෝජිතයින් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව පාර්ශ්වයේ  මහජන නියෝජිතයින් ද එහිදී අදහස් දැක්වීමට නියමිතයි. 

කෙසේ වෙතත් තමන් මෙම රැස්වීම වර්ජනය කරන බව ඒකාබද්ධ විපක්ෂය ඊයේ කියා සිටියා.