Sunday, September 8, 2024

General line - 0115112241

පොලිසියේ රන් බිස්කට් හොරකම 'මන්නාරමේ පොලිසියටම' මාට්ටු වූ හැටි 

රොමේෂ් මධුෂංඛ - වන්නි




රුපියල් එක්කෝටි හාරලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ක් පොලීසියට නොදන්වා ලඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව  මන්නාරම් පොලීසිය පවසනවා.


ගෙවී ගිය ජූලි මස 26 වනදා  මන්නාරම පේසාලෙයි මුහුදු තීරයේදී මෙරට සිට ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ අදාල රන් බිස්කට් 16 ක් පිළිබඳ තොරතුරක් ඔවුන්ට ලැබී ඇති අතර එම  දෙදෙනා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යැයි පවසා රන් බිස්කට් තොගය පමණක්තම බාරයට ගෙන තිබෙනවා.

අනතුරුව අදාළ  රන් බිස්කට් ලඟ  තබාගෙන සිටි පුද්ගලයා වූ කනපති පොන්නම්බලන් නැමත්තෙකු විසින් ඊයේ (03) මන්නාරම් පොලීසියට පැමිණිළි කොට ඇත්තේ තමන් ලග තිබූ රන් බිස්කට් 16 ක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බුද්ධිඅංශ නිලධාරීන් ලෙසින් පැමිණ රැගෙන ගිය බවටයි.
 
අනතුරුව රන් බිස්කට් තොගය මෙතෙක් පොලීසිට ඉදිරිපත් කිරීම හෝ දැනුම් නොදීම මත පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී රන් බිස්කට් තොගය පිළිබඳව තොරතුරු හමුවී තිබෙනවා.

එක් රන් බිස්කට්ටුවක පවුම් දොලහමාරක් අඩංගු වන අතර  මුලු රන් බිස්කට්හි වටිනාකම රුපියල් ලක්ෂ 104 ක් වනවා.