Friday, October 18, 2024

General line - 0115112241

අගමැතිට වළගම්බා වනගත වුණා වගේලු - රනිල් පෙරටුව මැති ඇමතිවරු සභා ගැබෙන් ඉවතට 

චිරාන් ජීවන්ත - පාර්ලිමේන්තුවේ සිට




තමන්  වසර 20ක් පමණ පළපුරුදු දේශපාලන නායකයන්ගෙන්  පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉගෙන ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔහුගේ  පාර්ලිමේන්තු දිවියට හතලිස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැති  පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීම අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා.

ආපසු  විපක්ෂයට යාම සම්බන්ධයෙන්ද තමන් ඉගෙන ගත් බව සඳහන් කර සිටි රනිල් වික්‍රමසිංහ මහතා එම අත්දැකීම හඳුන්වා දුන්නේ  "හරියට වලගම්බා රජතුමා ආයෙත් වනගත වුණා  වගේ තමයි" යනුවෙනුයි. 


අගමැතිවරයාගේ කතාවෙන් අනතුරුව කථානායකවරයා ද සුළු කතාවක් කරමින් සභාවේ කටයුතු නිමා කරනු ලැබුවා.

ඉන් අනතුරුව සභා ගැබේ මැද කොටසට පැමිණි අගමැතිවරයාට ආර්.සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානය ද පසුව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් ද පැමිණ සුබ පතනු ලැබුවා.

ඉන් අනතුරුව ඔවුන් සභාවෙන් ඉවතට  ගියේ අගමැතිවරයාව පෙරටු කර ගනිමිනුයි.