Sunday, September 8, 2024

General line - 0115112241

අපචාර චෝදනා එල්ල වූ ජර්මන් ටෙක් විදුහල්පතිට වැඩ වරදින්නේ මෙහෙමයි




අපචාර චෝදනා එල්ල වී ඇති මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්නට එරෙහිව විනය පියවර ගැනීමට නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සූදානම් වනවා.

විදුහල්පතිවරයා සිදු කළ අපචාර ක‍්‍රියාවක වීඩියෝවක් මේ වනවිට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වෙමින් පවතිනවා.  

ඔහුට එල්ලවී ඇති චෝදනා සාක්ෂි සහිතව ඇතත් පාලනාධිකාරිය ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට මැලිකමක් දක්වන බවයි එම ආයතනයේ ආදි ශිෂ්‍යයින් චෝදනා කරන්නේ. 

විභාගවලින් අසමත් වන සිසුන් ඉන් සමත් කර දෙන ලෙස පවසමින් මෙම විදුහල්පතිවරයා මෙවැනි ක‍්‍රියාවල නිරත වන බවද ඔවුන් පවසනවා. 

මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයාට එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් පී. රණේපුරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

එහිදී ඔහු කියා සිටියේ මෙම විදුහල්පතිවරයට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් පසුබට නොවන බවයි.