Saturday, May 18, 2024

General line - 0115112241

කෝපායිහි දී පොලිසියට පහර දුන් තවත් දෙදෙනෙකු හඳුනා ගැනේ 




යාපනය කෝපායි ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඉකුත්දා එල්ල වූ ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි දිනේෂ් වික්ටර් නැමත්තෙකු සහ 23 හැවිරිදි වියේ පසුවන යෝග රාසා සජිත් නොහොත් මුත්තු නැමැත්තායි. 

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් මෙම මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.