Saturday, May 18, 2024

General line - 0115112241

කොත්මලේ රජමහා විහාරයේ නිදන් වස්තු සොරා ගත් හැටි (PHOTOS)




පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇති මල්වත්ත විහාරස්ථානයට අයත් වසර එක්දහස් හතලිස් හතරක් ඉපැරණි පුඩළුඔය කලපිටිය පුසුල්පිටිය රජමහා විහාරස්ථානයේ දාගැබ කඩා එහි තැන්පත් කර තිබූ නිදන් වස්තු කිසියමි පිරිසක් සොරා ගෙන ගොස් ඇති බව පුඩළුඔය පොලිසිය පවසනවා. 

ඊයේ (03) රාත්‍රී 9.00 ට පමණ එම විහාරස්ථානයට පැමිණි සිවිදෙනෙකු විසින් එහි විහාරවාසි හේවාවිස්සගේ පියනන්ද හිමියන්ව සහ එහි සේවකයෙකුව ගැටගසා එම විහාරස්ථානයේ දාගැබ කඩා එහි තුල වු නිදන් වස්තුද සොරා ගෙන ඇති අතර එම විහාරස්ථානයේ සවිකර තිබු සි.සි.ටිවි කැමරා පද්ධතියේ දත්ත ගබඩා උපකරණය සොරුන් විිසින් ගලවාගෙන ගොස් තිබෙනවා. 

දුටුගැමුණු රජතුමන් විසින් රාජාභිෂේක ලැබීමෙන් අනතුරුව එය සිහිවිම පිණිස මෙම රජමහා විහාරස්ථානය ඉදිකර ඇති බවයි එහි විහාරාධිපති හිමියන් පැවසුවේ. 

උල් ආයුධ සහිතව පැමිණි මෙම පිරිස තමන් වහන්සේව හා විහාරස්ථානයේ ආරක්ෂාවට සිටින අයෙකුව බිය ගන්වා ආවාස ගෙය තුල ගැට ගසා රාත්‍රී 9.00යේ සිට අද අලුයම 1.00 පමණ වන තෙක් විහාරස්ථානයේ රැදී සිටිමින් දාගැබට අමතරව විහාර මන්දිරයේ බුදු පිළිම වහන්සේටද අලාභ හානි කර විහාරස්ථානයේ තිබු මිළ කළ නොහැකි පුස්කොළ පොත් ඇඳ දමා විහාරස්ථානයේ දේපල වලටද අලාභ හානි කර ගොස් ඇති බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ. 

නිදන් සොරු විහාරස්ථානයෙන් පිටව ගිය පසු තමන් වහන්සේව ගැට ගසා තිබු ලණු ගලවාගෙන පසුව විහාරස්ථානයට එපිටින් වු දායකයන් කිහිපදෙනෙකුට දැනුම් දි පසුව පුඩළුඔය පොලිසියට පැමිණිළි කළ බවයි විහාරාධිපති හිමියන් පවසුවේ. 

මීට මාස කිහිපයකට ප‍්‍රථම එම රජමහා විහාරස්ථානයේ විහාර ගෙයි තිබු මිළ කළ නොහැකි මකර තොරණක් කිසියම් පිරිසක් විසින් සොරා ගෙන ගොස් ඇති අතර එම සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම රජමහා විහාරස්ථානයේ තිබූ මිළ කළ නොහැකි දඹ රන් බුදු පිළිමය නිදන් සොරු විසින් ඊයේ රාත්‍රීයේ රැගෙන ගොස් නොමැති බවයි පුඩළුඔය පොලිසිය පවසන්නේ. 

විහාරාධිපති හිමියන් සහ එහි සේවකයාගේ ප‍්‍රකාශ පරස්පර විරෝධි බවත් මේ පිළිබද පරික්ෂණ පවත්වන බව පුඩළුඔය පොලිසිය පවසනවා. 

මෙම සොරකම සමිබන්ධයෙන් නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට අංශ කිහිපයක් ඔස්සේ පුඩළුඔය පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.