Saturday, April 27, 2024

General line - 0115112241

ලංකාව ඉණිමයි ලකුණු 171කින් පරාදයි - පරාජය අස්සේ ඉතිහාසයට ගියේ මෙලෙසයි 




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී   ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට්  තරගයේ ඉනිමක සහ ලකුණු 171ක ජයක් ඉන්දියාවට  හිමි වුණා.

 

පිට පිට සිය දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව  දිවා ආහාරයෙන් පසුව ලකුණු 181කට දැවී ගියා.

එහිදී දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 50ක් වාර්තා කිරීමට අසමත් වුණා.

මෙරට ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවකු ලකුණු  50 ක් ලබා ගැනීමට අසමත් වූ තුන්වන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව 3 ට 0 ක් ලෙස ටෙස්ට් තරගාවලියද ජය ගත්තා.