ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා.
ඒ, ආරක්ෂක අමාත්‍යංශයේදීයි.
එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්ව තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ආපදා කළමනාකරණ නීති පද්ධතිය සකස් කර තිබෙන්නේ යම්කිසි අධ්‍යනයකින් පසුව බවත් එම නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ වගකීමක් බවයි.
පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සඳහා නව විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.