Wednesday, September 25, 2024

General line - 0115112241

වලදමා තිබූ බිළිදෙකුගේ සිරුරක් ගොඩ ගත් හැටි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




ලිදුල පොලිස් වසමට අයත් මටිටකැළේ වතුයායේ  ගෙවත්ත වලදමා තිබූ බිළිදෙකුගේ සිරුරක් නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් දයා නානායක්කාර ඉදිරියේදි ලිදුල පොලිසිය මගින් අද (14) දහවල් ගොඩ ගනු ලැබුවා. 

එම වතුයායේ පදිංචි දෙදරු මවක් තමන් විසින් ප්‍රසුත කළ තුන්වන දරුවා මෙසේ තම නිවසට යාබදව ගෙවත්තේ ඉකුත් (11) වනදා තම මව සමග මෙම බිළිදා රහසිගතව වලදමා ඇති බවයි ලිදුල පොලිසිය පවසන්නේ. 

අවුරුදු 26ක් පමණ වන එම කාන්තාව දරු ප්‍රසුතියෙන් පසු ඇයගේ මව විසින් ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඇයව පරික්ෂා කළ ලිදුල රෝහලේ වෛද්‍යවරුන් විසින් ඒ පිළිබඳව ලිදුල පොලිසිය වෙත පැමිණීළී කිරිමෙන් පසු මෙම සිද්ධිය අනාවරණය කර ගැනිමට පොලිසියට හැකි වී තිබෙනවා.

මෙම කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බවත් ඔහු මාස කිහිපයක සිට නිවසට පැමිණ නොමැති බවයි පොලිසිය පවසන්නේ. 

මෙම කාන්තාවට අවුරුදු හතරක පිරිමි දරුවෙක් සහ අවුරුදු දෙකක ගැහැණු ළමයෙකු සිටින අතර ඔහුන් සියළු දෙනා කුලි පදනම මත ලබා ගත් නිවසක වාසය කර තිබෙනවා. 

ගොඩ ගනු ලැබු බිළිදාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය අධීකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ලිදුල පොලිසියට නියෝගකර තිබෙනවා. 

මෙම සිද්ධීය සමිබන්ධයෙන් ලිදුල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාව සහ ඇයගේ මව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.