Wednesday, September 25, 2024

General line - 0115112241

එජාපයෙන් නීතිපතිට නැගෙන චෝදනාවලට නිතිඥ සංගමය දෙන උත්තරය මෙන්න 




එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට කරනු ලබන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය අද (14) ප්‍රකාශ කළා. 

එහි සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් තමන්ට පැවරී ඇති රාජකාරිය නිසි පරිදී ඉටු කරන බවයි. 

 බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉකුත්දා සිය විවේචන ඉදිරිපත් කළා. 
 
කෙසේවෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ එම නිළධාරින් කොමිෂන් සභාවේ බලතල අනුව කටයුතු කර ඇති බවයි. 

කිසියම් නිළධාරියෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමට නියමිත ක්‍රියා පටිපාටියක් පවතිනවා. 

එසේ සිදු නොකර කොමිසමට සම්බන්ධ නොවන බාහිර පුද්ගලයන්  සිදු කරන මෙවැනි ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවයි නීතිපතිවරයා පෙන්වා දුන්නේ. 

මෙවැනි ක්‍රියා හරහා නීතිපති දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතන කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ වැටීමේ අවධානමක්ද පවතින බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.