Wednesday, September 25, 2024

General line - 0115112241

ප්‍රමුඛතා මංතීරු අනුව අද සිට පාරේ යා යුත්තේ මෙලෙසයි - පාරට යන්න පෙර මේ ගැන දැනගත යුතුමයි

චිරාන් ජීවන්ත ධර්මසේන




කොළඹ ඇතුළු තදාසන්න නගර කිහිපයක ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අද (15) සිට ක්‍රිියාත්මක කෙරෙනවා. පොලිසිය පැවසුවේ හඳුනාගත් ස්ථාන 05ක මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බවයි. 

මොරටුව කුරුස මංසන්ධියේ සිට කටුබැද්ද දක්වාත් සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා. 

ලබන 22වනදා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත්  එය ක්‍රියාත්මක කෙරෙනු ඇති. එමෙන්ම බම්බලපිටිය මංසන්ධියේ  සිට පිත්තල හන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ. 

ලබන 29 වනදා බත්තරමුල්ල දියත උයන ආසන්නයේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, ටවුන් හෝල් මංසන්ධියේ සිට තුන් මුල්ල දක්වාත් මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

සැප්තැම්බර් සහ නොවැම්බර් යන මාසවලදී තවත් තෝරා ගත් මාර්ග කිහිපයක ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇති.

පෞද්ගලික හා ලංගම බස් රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථද මෙම ප්‍රමුඛතා මංතීරුවල ගමන් කළ යුතු බවයි බස්නාහිර සංවර්ධන හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ. 

උදෑසන 06 සිට 09 දක්වා ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා.