Wednesday, September 25, 2024

General line - 0115112241

 "පවුලේ පිරිස අත්අඩංගුවට !" - නාමල්ගෙන් පණිවිඩයක් 




බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යටපත් කිරීම සඳහා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව  සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ශිරන්ති රාජපක්ෂ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිත අතර  යෝෂිත රාජපක්ෂට ද හෙට(16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.


නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන පහතින් දැක්වෙනවා.