Wednesday, September 25, 2024

General line - 0115112241

මඩු මංගල්ලයට වර්ෂාවෙන් බාධා (PHOTOS)

මාධව කුලසූරිය




මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය  අද(15) පැවැත්වීමට නියමිත අතර එම ප්‍රදේශයේ කටයුතුවලට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති බව මඩු මංගල්‍ය  වෙනුවෙන් සහභාගිවූ බැතිමතුන් පවසනවා.

මඩු දේවස්ථානය ඇතුළු මඩු ප්‍රදේශයට ඊයේ සවස ඇඳ හැළුන වර්ෂාව හේතුවෙන් මංගල්‍ය වෙනුවෙන් සහභාගිවූවන් රැදී සිටි තාවකාලික නවාතැන් පොළවල් සියල්ල යටවී ඇති බවයි බැතිමතුන් පවසන්නේ.

මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් පැවසූවේ පැවති වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය බිඳ වැටී ඇති අතර ඇඳ වැටුණ දැඩි වර්ෂාව හේතුවෙන් බැතිමතුන්ගේ තාවකාලික ලැගම්හල් විශාල ප්‍රමානයක් යටව ඇති බවයි.

පසුගියදා ඇඳ හැළුන වර්ෂාවත් සමග හටගත් අකුණු වැදීමෙන් දේවස්ථානයේ වන්දනා කටයුතු වෙනුවෙන් පැමිණි කාන්තාවක්ද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.