Wednesday, September 25, 2024

General line - 0115112241

ප්‍රශ්න පත්‍ර අරන් ගිය වෑන් රියට අද අළුයම සිදු වූ දේ මෙන්න

පාලිත ආරියවංශ




උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සිට බදුල්ල උසස් තාක්ෂණ ආයතනය දක්වා විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහණය කරමින් තිබු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වෑන් රථයක් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේදී අද(15) අළුයම මාර්ගයෙන් ඉවතට ධාවනය වී නිවසක තාප්පයක ගැටී ඒ අසල කාණුවකට වැටී තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබු රියදුරා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වෑන්රථයේ තිබු ප්‍රශ්න පත්‍ර ආරක්ෂිතව බදුල්ල උසස් තාක්ෂණ ආයතනයට රැගෙන ගිය බව එහි නිලධාරින් පවසා තිබෙනවා.

රියදුරා නින්දයාම නිසා මේ අනතුර සිදුව ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇත්තේ. හාලිඇල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.