Wednesday, September 25, 2024

General line - 0115112241

නිදහස් පක්ෂය බිඳවනවා..මාධ්‍ය සංදර්ශණ දානවා  - ශිරන්ති CID කැඳවීම ගැන බස්නාහිර මහ ඇමැති කියන කතාව 




පසුගිය රජය සමයේ වැරදි කළ පුද්ගලයන්ට දඬුවම් කිරීම වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳවීමට ඇතැමුන් උත්සාහ දරන බවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  ශිරන්ති රාජපක්ෂ කැඳවා තිබීම සම්බන්ධයෙන් nethnews.lk කළ අදහස් විමසීමකදී ඔහු මේබව සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පසුගියදා සඳහන් කළ අයුරින් රාජපක්ෂවරුන්ට චෝදනා ඇත්නම් ඒවා ඔප්පු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

" බොරු මාධ්‍ය සංදර්ශණ දාලා උසාවි ගේනවා.වැරදි කරුවන්ට දඬුවම් දීමේ මුවාවෙන් ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂයේ අර්බුධ හදන්න උත්සාහ දරනවා නම් මම ඒකට විරුද්ධයි" යනුවෙන් ද ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියා.